top of page
Search

හිනාවෙන වෙලාවේ ශබ්ද කෝෂයක් බලලා එක වචනයක් හරි පාඩම් කරගත්තා නම් වටිනවා - සජිත්

  • Writer: ඉනෝකා සත්‍යාංගනී.
    ඉනෝකා සත්‍යාංගනී.
  • May 28, 2020
  • 1 min read

සජිත් ප්‍රේමදාස මහතා සිය ට්විටර් පණිවිඩවල බැරෑරුම් ඉංග්‍රීසි වචන භාවිතා කිරීම පසුගිය සතියේදී සමාජ මාධ්‍ය ජාල තුළ දැඩි උපහාසයට මෙන්ම අපහාසයට ද භාජනය වී තිබිණි. 

ආණ්ඩුවේ ප්‍රබලයකුට අයත් වෙබ් අඩවියක් එය පළ කර තිබුණේ සජිත්ගේ ඉංග්‍රීසි එංගලන්තයේ මහ රැජිනට හෝ ඇමරිකාවේ ජනාධිපතිවරයාටත් නොතේරෙන බවත් ඒවා මහත් විහිළුවක් වී ඇති බවත් පවසමිනි. 

කෙසේවෙතත් මෙම ආන්දෝලනයට පෙරම ඒ පිළිබඳ විමසීමක් කළ හිතවතෙකුට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නකි. 


"ඇත්තටම එක් කෙනෙක් හරි ඩික්ෂනරි එකක් පෙරළලා ඒ වචනෙක තේරුම හොයාගෙන ඉගෙන ගත්තා නම් ඒක ගොඩක් වටිනවා. සමහරු මට හිනාවෙවී ඉන්න වෙලාවේ එහෙම එක්කෙනෙක් හරි ඒකෙන් දෙයක් ඉගන ගන්න ඇති කියලා මං හිතනවා. 


මොකද මගෙ තාත්තා ඉංග්‍රීසි දැනුම දියුණු කරගත්තේ එහෙමයි. තාත්තා මුලින්ම පාර්ලිමේන්තු එනකාලේ එයාගේ ඉංග්‍රීසි දැනුමත් දුර්වලයිලු. එයා දවසකට අලුත් වචන 10ක් ගාණේ තේරුම හොයාගෙන පාඩම් කරලා තියෙනවා. 


නිකමට හිතන්න මේ ඇඳිරි නීතිය දාලා මාස එක හමාරක් තිස්සේ ගෙවල්වල ඉඳපු කාලෙදි හැමෝම එහෙම ඉංග්‍රීසි වචන 10ක් ගාණෙ දවසට ඉගන ගත්තා නම් කොච්චර හොඳක් වෙන්න තිබුණා ද ? 


මට ගහන එක ඉතිං ඒගොල්ලෝ කොහොමත් ගහනවා. ඔයිට කලින් මට ඕ ලෙවල් නෑ, මට ඉංග්‍රීසි බෑ කියලා ගැහුවා. දැන් මගෙ ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ, එව්වා බරපතළ වැඩියි කියලා ගහනවා. ඕවා ඔහොම තමයි, ඕක නැත්තං වෙන මොකක් හරි එකක් අල්ලාගන්නවා. ඒක ලංකාවෙ මීඩියාවලයි දේශපාලනෙයි හැටි" 

 
 
 

Comments


Join my mailing list

Thanks for submitting!

© 2023 by The Book Lover. Proudly created with Wix.com

bottom of page