top of page
Search

වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර දෙකක් සජිත් ප්‍රේමදාස මහතා විසින් මාලිගාවත්ත වකුගඩු රෝහලට....

  • Writer: ඉනෝකා සත්‍යාංගනී.
    ඉනෝකා සත්‍යාංගනී.
  • May 6, 2020
  • 1 min read

Updated: May 8, 2020






දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් ගේ 27වන ගුණානුස්මරණය මැයි පලවන දිනට (01) යෙදී තිබිණි.හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එදින පෙරවරුවේ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස  පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.


අනතුරුව ජනසුවය සමාජ සත්කාර වැඩසටහනේ 3වන අදියර ලෙස,සුවහසක් වකුගඩු  රෝගීන්ගේ අවශ්‍යතාවය උදෙසා වකුගඩු රුධිර කාන්දු පාරවීලන යන්ත්‍ර   (Dialysis machine)දෙකක් සජිත් ප්‍රේමදාස මහතා විසින්  මාලිගාවත්ත වකුගඩු රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය .  


 මෙම අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ අතර එක් යන්ත්‍රයක් රුපියල් 2,275,000/=(විසි දෙලක්ෂ හැත්තෑපන්දහසක්)වූ අතර යන්ත්‍ර දෙකෙහි මූල්‍යමය වටිනාකම රුපියල් 4,550,000/=(හතලිස් පන්ලක්ෂ පනස්දහසක්) විය .   


මීට පෙර අදියර දෙකක් යටතේ ජනසුවය හරහා ලක්ෂ 60ක් ඉක්මවූ රෝහල් උපකරණ  පරිත්‍යාග කරනු ලැබීය. 

 
 
 

Comments


Join my mailing list

Thanks for submitting!

© 2023 by The Book Lover. Proudly created with Wix.com

bottom of page