විශේෂ නිවේදනය.
- ඉනෝකා සත්‍යාංගනී.

- May 7, 2020
- 7 min read

කොරෝනා ව්‍යසනය පිළිබඳව වූ අනතුර ගැන අප වගකිව යුතු විපක්ෂයක් ලෙස මුල සිටම වඩාත් විමසිලිමත් වූ අතර ජනවාරි 24 සහ පෙබරවාරි 25 දෙවරක්ම පාර්ලිමේන්තුවේදී රටේ අවධානය යොමුකරන ලදි. නමුත් ඒ වන විටත් ආණ්ඩුව සිටියේ වගකීම් විරහිත ස්වභාවයෙනි. එමෙන්ම සම්ප්‍රදායික විපක්ෂයක් ලෙස නොව වගකීම් සහගත සහ මිනිස් ජීවිතවල වටිනාකම දන්නා විපක්ෂයක් ලෙස අපි දිගටම කටයුතු කළෙමු. ව්‍යසනය උත්සන්න වූ පසු අවස්‍ථා දෙකකදී අගමැතිවරයා විසින් පක්ෂ නායකයන් කැඳවා කොරෝනා උවදුරින් රට ගලවාගන්නා ආකාරය පිළිබදව සාකච්ඡා කරනු ලැබූ අතර ඒ අවස්‍ථා දෙකේදීම අපි ඊට සහභාගී වීමු. මේ ව්‍යසනය දුරු කිරීම උදෙසා වගකීම්සහගතව අප කටයුතු කළ අතර විපතට පත්වූවන්ට සහන ලබා දීම, රාජ්‍ය යාන්ත්‍රණය නිසිලෙස යොදා ගැනීම හා ආපදා කළමනාකරණය සඳහා වූ යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම, සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය නොකිරීම, PCR පරීක්ෂණ කඩිනම් කිරීම හා විධිමත් කිරීම, කොරෝනා මර්ධන කාර්‍යමණ්ඩල සඳහා සෞඛ්‍යමය පෞද්ගලික ආරක්ෂණ මෙවලම් Personal Protective Equipment (PPE) ලබා දීම ආදිය ගැනද ආණ්ඩුවට යෝජනා කළෙමු. එහෙත් ඒ අදහස් සහ යෝජනා කිසිවක් පිළිබඳව ආණ්ඩුව කිසිදු තැකීමක් නොකිරීම පිළිබඳව අපි කනගාටු වෙමු. මේ ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුව ගනු ලැබූ බොහෝ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගැටලු පැවතියද අප ඒවා සැලකිල්ලට නොගෙන ආණ්ඩුවට සහාය දැක්වීමු. සති හයක කාලයක් තිස්සේ ආණ්ඩුව විසින් නීත්‍යානුකූල නොවන අන්දමින් ඇඳිරිනීතියක් පැනවූවද කොරෝනා මර්ධනය නමැති අත්‍යවශ්‍ය කාරණය හේතුකොටගෙන ඒ පිළිබඳව පවා අපි උපේක්ෂාවෙන් කටයුතු කළෙමු. නමුත් ආණ්ඩුව බොහෝ විට ඇදිරි නීතිය අවභාවිතා කළ අතර සමාජ ජාල ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමටත්, තමන්ගේ හිතවතුන්ට ව්‍යාපාරික ඇදිරිනීති බලපත්‍ර ලබාදීමටත්, ඇඳිරි නීතියට මුවා වී සහන ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමටත් කටයුතු කළේය. සති හයක් තිස්සේ ජනතාව අප්‍රමාණ කැපවීමකින් ක්‍රියා කළ අතර සියලු වේදනාවන් සහ පීඩාවන් දරාගෙන කටයුතු කරනු ලැබුවේ මෙම ජාතික ව්‍යසනය මැඩපැවැත්වීමට රජයට හැකිවේය යන දැඩි විශ්වාසයෙනි. එහෙත්, සති හයක කොවිඩ් මර්ධන ව්‍යාපෘතිය ආණ්ඩුව විසින් ජයගෙන ඇති බවක් පෙනෙන්නට තිබේද? ඇදිරිනීතිය සහිත සති හයක කාලයට පසු සැබෑ ලෙස විය යුතුව තිබුණේ කොවිඩ් ආසාදිත රේඛාව පහළට යෑමය. එහෙත් වී ඇත්තේ එම රේඛාව ඉහළට යාමය. සෙසු රටවල් බොහොමයක් ඇදිරිනීතිය නොදමා 'ලොක් ඩවුන්' ක්‍රමවේදයන්ට අනුව සති කිහිපයකට පසු කොවිඩ් මර්ධන රේඛාව පහළ මට්ටමට ගෙන ආ නමුත් ඇදිරි නීතිය පවා පනවන ලද තත්ත්වයක් තුළ මෙරට කොරෝනා ආසාදන රේඛාව ඉහළට ගමන් කරමින් තිබීම සැලකිල්ලට ගත යුතු බරපතල තත්ත්වයකි. කොරෝනා මර්ධන ක්‍රියාවලිය තුළ ලෝකයේ බොහෝ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් බොහොමයකට කොරෝනා ආසාදනය වූ නමුදු ලංකාවේ කොරෝනා ආසාදනය වී ඇත්තේ ආරක්ෂක අංශවල සාමාජිකයන් පිරිසකටය. මෙයින් ගම්‍ය වන්නේ කොරෝනා මර්ධන ක්‍රියාවලියට ආරක්ෂක හමුදා යොදා ගත්තද ඔවුන්ට අවශ්‍ය නිසි ප්‍රමිතියක් සහිත ආරක්ෂිත සෞඛ්‍ය මෙවලම් හෝ වසංගත සම්බන්ධයෙන් පුහුණුව ලබා නොදී එම රණවිරුවන්ගේ ජීවිත අනතුරේ හෙළා ඇති බවය. මේ සියලු තත්ත්වයන් තුළ පවා රට වෙනුවෙන් වූ කාර්‍යභාරය පෙරදැරිව විපක්ෂයේ ප්‍රධාන පක්ෂ ලෙස අප පසුගිය 26 දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඒකාබද්ධ ලිපියක් යවනු ලැබීය. එම ලිපිය අප විසින් ඉතා සද්භාවයෙන් යුතුව යොමුකළ අතර එහි සැඟවුණු න්‍යායපත්‍රයක් හෝ කිසිදු අසාධාරණ ඉල්ලීමක් තිබුණේ නැත. එහි අඩංගු වූයේ අප්‍රේල් 30 වෙනිදායින් පසුව නීත්‍යානුකූලව රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් සහ කොරෝනා මර්ධන අනපනත් සම්මත කිරීම සම්බන්ධයෙන් සහාය ලබාදීම පිළිබඳව ය. මේ ව්‍යසනකාරී මොහොතේ ආණ්ඩුව පෙරළා දමනවා වෙනුවට ජන ජීවිත ගොඩනැඟීමට සහ ඔවුනට සහන සැලසීමට අවශ්‍ය නීත්‍යානුකූල සහය කොන්දේසි විරහිතව ආණ්ඩුවට ලබාදීමේ 'ලිඛිත සහතිකයද' එම ඒකාබද්ධ ලිපියෙහි තිබිණි . එහෙත්, ඒ ලිපියට අතිගරු ජනාධිපතිතුමන්ගේ පාර්ශ්වයෙන් කිසිසේත්ම ආචාරශීලී නොවන පිළිතුරක් ඔහුගේ නිලධාරියෙකු හරහා යොමුකොට තිබීම ගැන අපි කනගාටු වෙමු. විපක්ෂයේ ප්‍රධාන පක්ෂ නායකයන් විසින් ආණ්ඩුවට සහාය දීම උදෙසා යවනු ලැබූ හරයාත්මක ලියවිල්ල අවැදගත් සේ සලකා බැහැර කළ බවක් ඔහු විසින් නිලධාරියකු මඟින් එවන ලද ලිපියෙන් ගම්‍ය වෙයි. මේ ව්‍යසනකාරී මොහොතේ පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කිරීමේ වැදගත්කම මුල්කරගෙන අප විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියෙහි වූ ස්වර්ණමය අන්තර්ගතය ඔහු විසින්ම නොසලකා හරින ලද තත්ත්වයක් තුළ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (4) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 කැදවීමට කටයුතු කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව කැදවීම සහ පරණ පාර්ලිමේන්තුවේ 225ම එපා යැයි ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් දැඩි ස්ථාවරයක සිටිමින් අතර රජයේ සහ රජයට පක්ෂපාත සියලු මාධ්‍යයයන් යොදාගනිමින් ඒ සදහා පුළුල් ප්‍රචාරයක්ද ලබා දෙන තත්ත්වයක් තුළ අගමැතිවරයා විසින් මන්ත්‍රීවරු 225 කැඳවීමට තීරණය කිරීමේ රජයේ දෙබිඩි පිළිවෙත පිළිබඳව අපි විමතිය පළ කරමු. මෙවන් තත්ත්වයක් තුළ අදාළ හමුවට සහභාගි වීමට අපගේ අදහසක් නැති අතර මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බව අප වගකීමෙන් යුතුව නැවත අවධාරණය කරමු. ඒ, රාජ්‍ය මූල්‍ය කටයුතු හා අදාළ නීති සම්මත කිරීම සම්බන්ධයෙන් කටයුතු කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් වන බැවිනි. රංජිත් මද්දුමබණ්ඩාර මහ ලේකම් සමගි ජන බලවේගය
As a responsible opposition in Parliament, we raised concerns regarding the possible dangers of COVID-19 from as early as January this year. We raised this issue in Parliament on 24 January and then again on 25 February. However, the government at that point reacted to these warnings irresponsibly.
It must also be pointed out that unlike a “traditional” opposition, we conducted ourselves responsibly at all times, being fully conscious of the value of human life and the dangers posed by COVID-19, and offered full cooperation to the government to fight the pandemic.
When the Prime Minister called the leaders of the opposition parties for meetings on two occasions once the COVID-19 pandemic had started to spread in Sri Lanka, to seek views on how to face this challenge effectively, we ensured our presence and participation and shared our views. The proposals that we shared on these two occasions included suggestions for - effective and efficient distribution of relief to the affected public, using the civil administration system in the country effectively for this purpose, ensuring that the service and relief delivery mechanisms are not politicised, utilising PCR testing effectively to contain the spread of the virus, and making Personal Protective Equipment (PPE) widely available to personnel on the frontlines. Sadly, none of the suggestions that were made at these meetings were heeded by the government.
Yet, despite many visible and obvious shortcomings and concerns about how the government was handling the COVID-19 containment and eradication process, we continued to support the government.
Although there were questions regarding the legality of the curfew imposed by the government and the continuation of extensions of curfew for over 06 weeks, we chose to refrain from challenging this matter out of concern for the most important priority of the time which is containment and eradication of COVID-19.
However, the government authorities misused the provision of curfew, using it to arrest social media activists, grant curfew passes to traders who are known to them, and politicise service and relief delivery and distribution.
For six weeks, the people of this country bore immense hardship with the hope that the government will succeed in containing and eradicating COVID-19. However, even after six weeks have now passed, the question of whether the government has won the battle against COVID-19 lingers.
After six weeks of curfew, the curve of COVID-19 infections should have flattened. Yet, what has happened is the opposite. There is an increase in the number of COVID-19 positive cases being reported. Although some countries succeeded in bringing down the number of infected persons by imposing lockdowns without imposing a curfew, in Sri Lanka, even with the imposition of curfew the number of infected persons continues to rise. This is a situation that deserves serious consideration and attention.
Although in many countries that have been affected badly by COVID-19 and health systems have become overwhelmed with patients, health authorities have been infected with the virus. However, in Sri Lanka, it is the military personnel who have been most affected, despite the low number of civilian patients compared to more seriously affected countries. What becomes apparent in this case is that military personnel have been used extensively for dealing with COVID-19 infections while they have not been provided with adequate Personal Protective Equipment (PPE), the proper training required for dealing with a medical emergency, or access to testing. Neither have proper isolation of workers (military personnel) on the frontlines been observed and by using military personnel to lead in an effort that should be led by health authorities with military personnel playing a supportive role, the second line of trained and guided defence to fall back on, in case the health situation worsens and national security complications arise, has been compromised.
Despite all these serious concerns, placing the well-being of the country, the people, and the economy at heart, the parties in opposition addressed a Joint Letter to the President pledging responsible cooperation with the government at a time of national crisis.
The letter was addressed with sincerity of purpose with no hidden agendas and no unfair or unreasonable requests.
The content of the letter included proposals for dealing with the issue of not being able to expend public finances after 30 April 2020 and the cooperation of the parties in opposition to deal with this issue as well as cooperation to enact necessary regulations and laws to deal effectively and legally with COVID-19 containment and eradication. The letter also contained a written pledge by the parties in opposition to responsible cooperation with the government in line with the laws of the land instead of taking steps to defeat the government at this time of national crisis. The letter contained no conditions, and included instead, a pledge to cooperate with the government to restore the livelihoods of the public and provide them relief.
It is regrettable, therefore, that the response from the office of the President to this sincere offer by the parties in opposition was extremely discourteous. Moreover, what is perhaps demonstrated by the response from an officer in the office of the President to a letter containing an important pledge signed personally by the leaders of the parties in opposition is the President’s callous disregard for the substantive issues addressed in that letter that have a bearing on the lives and livelihoods of the people of this country and Sri Lanka’s international standing at a time of national crisis that has serious economic implications for the future.
At a time when the President has so callously dismissed the content of the letter that the leaders of the parties in opposition addressed to him, united by the sincerity of purpose to cooperate responsibly with the government and work together at a time of national crisis, leaving aside party politics, the Prime Minister has invited the 225 members of the Parliament to a meeting on Monday 04 May 2020.
The Prime Minister’s initiative takes place in the backdrop of the President and the government maintaining a steadfast position against the reconvening of Parliament and deploying state media and media supportive of the government to propagate the view that the Parliament is not required and that all 225 members of the Parliament should be dismissed. While we are pleased that the Prime Minister, nevertheless, has decided to invite the 225 members of Parliament for a meeting, we are naturally puzzled and confused by the double standards of the government.
In this context, the Samagi Jana Balavegaya sees no meaningful purpose in participating in the meeting convened by the Prime Minister on 04 May 2020. It must be reiterated that the practical, prudent, and responsible approach to the problems that face the country and the government at this time is to reconvene Parliament under the patronage of the Speaker. The reason for this is that the Parliament is the sole authority in the country that is vested with the legal authority by the Constitution to deal with public finances and the making of laws.


Comments