මහිලාල් සෙනෙවිරත්න මහතා අසනීප වී රෝහල් ගතවු පුවත සැලවූ පසු සජිත් කළේ මොනවාද ?
- ඉනෝකා සත්‍යාංගනී.

- May 11, 2020
- 2 min read
මහිලාල් සෙනෙවිරත්න මහතා සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වකවානුවේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඔහු රෝගාතුර වූ බව සැලවූ වහාම සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබදව සොයා බැලූ අතර අදාල රෝහල් බිල් පත ගෙවන බවටද සහතික විය. ඒ අනුව රුපියල් 75,000ක මුදලක් ගෙවියයුතු බවට මුලින් මහිලාල් මහතාම දන්වා තිබුණි. අනතුරුව එය107,400 (රුපියල් එක්ලක්ෂ හත්දහස් හාරසීයක් ) බවට කෙටි පණිවිඩයක් මගින් දන්වා තිබුණි. සජිත් වහාම එම රෝහල් බිල්පත ගෙවීමට කටයුතු කරනු ලැබූ බව මහිලාල් මහතාම දනී. කෙසේ වෙතත් අදාල බිල ඊට වඩා වැඩි බව සජිත් ප්‍රේමදාස මහතාට මහිලාල් මහතා දන්වා තිබුණේ නැත. ඔහු විසින් කෙටිපණිවිඩයක් හරහා එවා තිබූ මුදල කඩිනමින් ගෙවන්නට සජිත් කටයුතු කළේය.

සත්‍ය කතාව එයයි.!
එය අසත්‍යද?, සත්‍යද? යන්න මහිලාල් සෙනෙවිරත්න මහතාගෙන් විමසා සිටියානම් කරුණු නිරවද්‍යලෙස තහවුරු කරගත හැක.
ඒ අතර තමන්ගේ ඒකායන දේශපාලන ප්‍රතිවාදියාට තලා දැමීමත්, වන්දිභට්ට දේශපාලනය කරළියට ඒමත් සිදුව තිබේ. ඒ අසනීපවූ පුද්ගලයෙකුට මුවා වී තම ජරාජීර්ණ දේශපාලන නොපනත්කම ප්‍රදර්ශනය කිරීමට සමහරු කටයුතු කිරීම ය. අනෙක් අතට මහිලාල් සෙනෙවිරත්න මහතාගේ අසනීප තත්ත්වය සිය වාසියට හරවාගෙන ඒ හරහා හෝ මුදල් ටිකක් එකතු කරගන්නට යම් යම් පාර්ශව කටයුතු කරනවාය යන බරපතල සැකයද මතුව තිබේ. සත්‍ය තත්ත්වය මහිලාල් මහතාගෙන් හෝ නොවිමසා මඩ වෙබ් අඩවි හරහා බේගල් සමාජගත කරන්නන්ගේ එක උවමනාවක් වනවා ඇත්තේ මහිලාල් මහතාගේ අසනීපයට මුවාවී තමන්ගේ මඩිය තර කරගැනීම විය යුතුය. ඔවුන්ගේ අභිප්‍රායන් ඒ තරමටම ජඩ ය.
සජිත් ප්‍රේමදාස මහිලාල් සෙනෙවිරත්න මහතා වෙනුවෙන් කළ දෑ සම්බන්දයෙන් ජීවමාන සාක්ෂිය මහිලාල් මහතාමය. ඇතැමුන් මෙන් අදාල බිල්පත් හෝ කළ උපකාර ගැන ලිපි ලියා සමාජගතකොට මිනිසෙකුට පිහිට වීම අරභයා පටු දේශපාලන වාසියක් ගැනීමට සජිත් කටයුතු කළේ නැත. අවසානයේ දී සිදුව තිබෙන්නේ උපකාර කළ සජිත් ද්‍රෝහියා බවට පත් කිරීම ය. ස්වකීය ජන්මාන්තර දේශපාලන වෛරය පිරිමසා ගැනීම උදෙසා සම හරක් ගනු ලබන සාහසික ප්‍රයත්නය පිළිබිඹු කරන්නේ ඔවුන්ගේ මෘග්ධත්වයයි.
මහිලාල් මහතා මීට පෙර අසනීප වූ අවස්‍ථාවලදීත් සජිත් ප්‍රේමදාස මහතා හැකි පමණින් උපකාර කොට තිබේ. ස්වකීය දේශපාලන ජීවිතය තුල සජිත් ප්‍රේමදාස මහතා කිසිදු විටෙක යුතුකම් පැහැර හැර නැත. එහෙත් දේශපාලනය යනු ධනෝත්පාදන මාර්ගය බවට පත්කරගත් දූෂිත මුදලාලිලා සිය කලු සල්ලි විසි කරනුයේ මෙවන් 'මඩ'ගැසීම් උදෙසා ය. මහදවල් අමු අමුවේ බැංකු මංකොල්ල කෑ ඩීල් කරුවන්ගෙන් යැපෙන 'එදා වේල' ලියන්නන්ට උවමනා සිය 'කලුසල්ලි ස්වාමියාව' සතුටින් තැබීමය. එලෙස විසිකරන මුදලින් බීමත්ව තමන්ට සිතෙන සිතෙන පරිදි අනෙකාට මඩ ගැසීම ඇතැමුන්ගේ ජීවිතය යි. අනෙකාට මඩ ගසා ඒ මඩම තමන්ගේ කිළිටි වත පුරා තවරාගෙන පුහු සුදනන් වන්නට උන් වෑයම් කරනු ලැබුවද ජනතාව සත්‍ය කුමක්ද කියා දනී. ආණ්ඩුවත්,විපක්ෂයේ ඇතැම් ජරාජීර්ණ ඩීල් කරුවනුත් බලා සිටින්නේ 'සජිත්ට ගහන්නේ කොහොමද'?' කියාය. එවන් පිරිසකට මෙවන් අවස්‍ථා අපූරු ඉල්ලම් ය.
එහෙත් 'සත්‍ය ජයගනී'යන්න පමණක් ඒ කවුරුත් වටහාගැනීම වටී.


Comments