කොරෝනා මරණ, ආසාදිතයින් හා පරීක්ෂණ නිල වාර්තා ගැන බරපතල සැකයක්!-'සමගි ජන බලවේගය' සැබෑ තොරතුරු ඉල්ලයි.
- ඉනෝකා සත්‍යාංගනී.

- May 8, 2020
- 1 min read
කෝවිඩි 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා 'සමගි ජන බලවේගය' විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. එම පක්ෂය එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරන සංඛ්‍යා ලේඛන සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල සැකයක් මතුකරමින් තිබිය දිය. ආණ්ඩුවේ බලධාරීන් එකිනෙකට පරස්පරව නිකුත් කරන ප්‍රකාශ එවැනි සාධාරණ සැකයක් මතු කිරීමට හේතු වී ඇත.
කොරෝනා තත්වයන් ගැන සැබෑ තොරතුරු වසන් කිරීම කොරෝනා ආරම්භක චීනයේ පවා සිදුවුවකි. නව කොරොන වසංගතය චීනයෙහි ආරම්භ වූ අවස්ථාවෙහි චීන බලධාරීන් උත්සාහ කළේ එය රහසිගතව තබා ගැනීමට ය. කීර්තිමත් ජාත්‍යන්තර සංවිධානයක් වන “දේශසීමා රහිත වාර්තාකරුවෝ” (Reporters Without Borders -RSF) පෙන්වා දී ඇති පරිදි රෝගය පැතිරීමට පටත් ගත් අවස්ථාවෙහි චීන බලධාරීහු ඒ පිළිබද එරට සමාජ ජාලාවන්හි සාකච්ජා කිරීමට බැරිවන ලෙස තහංචි පැනවූහ. රෝගය ගැන අනතුරු හැඟවීමක් බෙදා ගත් වෛද්‍යවරුන් අට දෙනෙකුට දඩුවම් කරන ලද අතර එම තොරතුරු ජනමාධ්‍ය අතට පත්වීම තහනම් කරන ලදී. විශේෂයෙන් කොරෝනා වලින් හමුදාවන්ට සිදුවන හානිය 'පෙන්ටගනය' පවා වසංකරමින් සිටියි. විදෙස් ආරංචිමාර්ග පවසන්නේ, කොරෝනා වලින් මියයන හමුදා සාමාජිකයින් ගැන කිසිඳු තොරතුරක් මාධ්‍යට ලබා නොදෙන ලෙස 'පෙන්ටගනය' විසින් නියෝගකර ඇති බවයි.(An Unhealthy Military Is Struggling to Fight COVID-19)
"ද ලීඩර්" වෙබ් අඩවියෙන් උපුටාගන්නා ල්දි.




Comments