ආණ්ඩුව සමග ඩීල් ගැසූ එජාප කල්ලියට විරුද්ධව සජිත් පිලෙන් විශ්වාසභංගයක්
- ඉනෝකා සත්‍යාංගනී.

- May 31, 2020
- 1 min read
ආණ්ඩුව සමග ගනුදෙනු කරමින් එක්සත් ජාතික පක්ෂය සහ පාක්ෂිකයින්ව පාවාදෙමින් සිටින සුළු කල්ලියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තීන්දුකොට තිබේ.
සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් හැට දෙදෙනාගෙන් ,හතළිහකට ආසන්න බහුතරය විසින් මෙම තීන්දුව ගනු ලැබීය.
කෘත්‍යාධිකාරීයේ බහුතරය නියෝජනය කරමින් පැවැති මේ රැස්වීමේදී ප්‍රධාන තීන්දු දෙකක් ඒකමතිකව සම්මත කරනු ලැබීය.
එයින් පළමු යෝජනාව වූයේ අදාළ කණ්ඩායමට එරෙහි විශ්වාසභංගය ගෙන ඒමයි.
පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය කඩ කිරීම,මහජන නියෝජිතයින් නොමග යැවීම,කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් රැවැටීමට ලක් කිරීම සහ නොමග යැවීම, කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අනුමත කරන ලද තීන්දුවලට පිටුපා යමින් කටයුතු කිරීම, ආණ්ඩුව සමග කරන ලද පාවාදීම් හා ගනුදෙනු ඇතුලු කාරණා කිහිපයක් මුල්කොටගෙන මෙම විශ්වාසභංගය ගෙන ඒමට නියමිත බව වාර්තා වෙයි.
වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයින් 66ක් නියෝජනය කරන අතර එයින් 40කට ආසන්න පිරිසක් සමගි ජනබලවේගය සමග එක්ව සිටිති.
මේ අතර ඉකුත් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 80ක් එක්ව සිටින්නේ සමගි ජන බලවේගය සමග ය .
ඊයේ පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර රැස්වීමේදී ප්‍රධාන තීන්දු දෙකක් ගනු ලැබූ අතර ආණ්ඩුව සමග ගණුදෙනු කරන සියලු දෙනාට විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීමටත් මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය සමගි කොට එම පක්ෂය කල්ලියක ග්‍රහණයෙන් මුදවා ගැනීමත්,පලාත් පාලන මන්ත්‍රීවරු ඇතුලු සියලු දෙනා වෙනුවෙන් නොමිලේම නීතිමය සහ වෙනත් පහසුකම් සැලසීමටත් තීන්දු කෙරිණි.


Comments